top of page

බිම් සැකසීම හා වගා කිරීම

 

 

      බාධාවකින් තොරව ඉඟුරු රෛසෝමය වර්ධනය වීම සඳහා සියුම් පසක් තිබිය යුතුය.මේ සඳහා වැසි සමඟ සමහරවිට කිහිප වරක් බිම කෙටීම හෝ සීසෑම මඟින් පස් කැට හොඳින් පොඩිකර ගත යුතුයි.

ඉඟුරු වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ පෙර කන්නයේ ඉඟුරු වගා නොකළ මනා ජලවහනයක් ඇති ක්ෂේත්‍රයකි. භූමියට ගැලපෙන පස් සංරක්ෂණ ක්‍රමයක් යෙදීම පළමුවෙන් කළ යුතුයි.එසේම ඉඩමේ පිහිටීම අනුව ජලය බැසයාමට අවශ්‍ය කාණු සකස් කළ යුතුයි.බෑවුම් ඉඩම්වල ඉඟුරු වගා කිරීමේදී සමෝච්චරේඛා අනුව වගා කිරීමෙන් පස සෝදාගෙන යාම පාලනයකළ හැකිය. වගා කරනවිට නිසි කාණු ද්ධතියක් සැකසීම  වැදගත්ය. පසේ පී.එච්. තත්ත්වය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට සහ ඉඟුරු වගාවට කැල්සියම් සහ මැග්නීසියම් පෝෂක සැපයීම සඳහා ඩොලමයිට්යෙදීමප්‍රතිඵලදායකවේ.                                                                   

       ආම්ලික පස් සහිත තෙත් කලාපයේ ක්ෂේත්‍ර වලට මූලික බිම් සකස් කිරීමේදී හෙක්ටයාරයකට

ඩොලමයිට් මෙ.ටොන් 1-2 දක්වා ප්‍රමාණයක් ද යෙදිය හැකිය.ඩොලමයිට් යෙදීම ඉඟුරු සි‍ටුවීමට සති දෙකකට පමණ පෙර කළ යුතුයි.වැඩෙන ඉඟුරු වගාවකට නැවත ඩොලමයිට් යෙදීම අවශ්‍ය නැත.

 

පාත්ති සකස් කිරීම.

 

 

 

                                                                    

 

 

 

 

 

 

 

 

පාත්ති ජීවානුහරණය කිරීම.

 

               බොහෝ ව්‍යාධිකාරකයින්, කෘමීන් සහ වල් බීජ විනාශ කිරීම සඳහා සකසනලද  ඉඟුරු පාත්ති ජීවානුහරණය කිරීම ප්‍රතිඵල දායකය. ඉඟුරු පාත්ති වල ඇති පස් / පොහොර මිශ්‍රණය හොඳින් තෙත් කර, ඝණ සුදු  පොලිතීනයකින් ආවරණය කර, පසුව එය හොඳින් වසා තබා දිනකට පැය 05 ක් 06 ක් වන සේ තද    හිරුඑළියට සති 03 ක් පමණ නිරාවරණය කිරීමෙන් මිශ්‍රණය ජීවානුහරණය කර ගත හැක.

 

සි‍ටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම.

 

                සි‍ටුවීම සඳහා සුදුසු වන්නේ මාස  9 - 10  පමණ හොඳින් මේරූ  නිරෝගී රෛසෝම කැබලිය. කුමන ආකාරයෙන් හෝ කුණුවීමක් හෝ කෘමි හානියක් දක්නට ලැබේ නම්  එවැනි රෛසෝම සි‍ටුවීම සඳහා නොගත යුතුය.අංකුරවලට හානියක් නොවනසේ අංකුර  4 - 6 ක් පමණ ඇති කැබලි වලට රෛසෝම වෙන්කළ යුතුයි.එක් කැබැල්ලක බර දේශීය  ඉඟුරු වල නම් ග්‍රෑම් 30 - 40  ක් ද ,චීන ඉඟුරු වල නම් ග්‍රෑම් 40 - 60 ක් පමණ ද විය යුතුයි.

එහෙත් ඉඟුරු ප්‍රභේදය, ඒවායේ වර්ධන ස්වභාවය සහ තෙතමන ප්‍රමාණය  අනුව සි‍ටුවීමට ගන්නා  ඉඟුරු කැබැල්ලේ බර වෙනස් විය හැකිය.රෛසෝම කැබලි කුඩා නම් තනි කැබැල්ලක්  වෙනුවට කුඩා රෛසෝම දෙකක් තුනක් එක් වලකට දැමිය හැක.සි‍ටුවීමට ගන්නා රෛසෝම කැබැල්ලේ ප්‍රමාණය ලැබෙන අස්වැන්න කෙරෙහි සෘජුවම බලපානු ලැබේ.

 

බීජ ඉඟුරු අවශ්‍යතාවය

 

 අඩි 3 1/2 × 10 ප්‍රමාණයේ පාත්තියකට-

     දේශීය ඉඟුරු   කි.ග්‍රෑම්. 1.75 ක් පමණ

     චීන ඉඟුරු  කි.ග්‍රෑම්. 2.5 ක් පමණ

 

 හෙක්ටයාරයකට-

    දේශීය බීජ ඉඟුරු  කි.ග්‍රෑම්. 1250 ක් පමණ

    චීන  බීජ ඉඟුරු  කි.ග්‍රෑම්. 1675 ක් පමණ

 

බීජ ප්‍රතිකාර කිරීම

 

            වට පණු හානිය සහ දිලීර හානි අවම කිරීම සඳහා  බීජ ප්‍රතිකාර කිරීම අවශ්‍යවේ.

            බීජ අල 50°C පමණ උණු ජලයේ විනාඩි 10 ක් පමණ ගිල්වා තැබීමෙන් වටපනු හානිය පාලනය කළ හැක.මෙ මගින් කොරපොතු කෘමීන් ද මර්දනය කර ගතහැක.මෙසේ  ප්‍රතිකාර කළ බීජ ඉඟුරු කැබලි නැවත වරක් මැන්කොසෙබ් වැනි දිලීර නාශක ද්‍රාවණයක ගිල්වා තැබීමෙන් පසු සි‍ටුවීමට ගැනීම සුදුසුය.දිලීර නාශකයේ ග්‍රැම් 30 ක් පමණ ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණයේ බීජ ඉඟුරු කැබලි විනාඩි 10 ක් පමණ ගිල්වා තැබිය යුතුය.

 

               

 

 

 

 

                                                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉඟුරු සි‍ටුවීම හා වසුන් යෙදීම

 

bottom of page