top of page

මුල් පි‍ටුව

 

     සින්ජිබරේසියේ කුලයට අයත් ඉඟුරු ශාකය සින්ජිබර් ඔ‍ෆිසිනාලේ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. කුඵබඩුවක් මෙන්ම ඖෂධයක් ලෙස ඉඟුරු වලට මුලු ලොව පුරාම හොඳ ඉල්ලුමක් ඇත.

 

    නිජබිම ගිනිකොනදිග ආසියාව ලෙස සැලකේ.ප්‍රධාන වශයෙන් ව්‍යංජන රසකාරකයක් ලෙසද බේකරි නිෂ්පාදන ,ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී සහ බීම වර්ග නිෂ්පාදනයේදී  රසකාරකයක් ලෙසද භාවිතා කෙරේ.මීට අමතරව සුවඳ විලවුන් සහ ඖෂධ නිෂ්පාදනයේදී ද ඉඟුරු භාවිතා කෙරේ.

 

  ප්‍රධාන නිෂ්පාදන-

                              අමු ඉඟුරු

                              වියළි ඉඟුරු

                              කුඩු කරන ලද  ඉඟුරු

                              පරිරක්ෂිත ඉඟුරු

                              ඉඟුරු තෙල්

                              ඔලියොරෙසින

 

   ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගෙවතු බෝගයක් ලෙස ප්‍රචලිතව ඇතත් අතුරු බෝගයක් ලෙස පොල් වගාවන් තුල මහා පරිමාණයෙන් කුරුණෑගල, ගම්පහ, කළුතර, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වගා කෙරේ.

 

I'm a title.
bottom of page