top of page

අස්වනු නෙලීම හා සැකසීම

     

                 ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාව ඉඟුරු ප්‍රභේදය අනුව සහ ඒවා ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුව තීරණය කෙරේ.දේශීය ඉඟුරු වර්ගය පරිණත වූ පසු එනම් සි‍ටුවා මාස 8-9 පමණ ගතවූ පසු අස්වනු නෙලාගත හැක. චීන වර්ගය මාස 7-8 දී පමණ අස්වනු නෙලීමට සුදුසු තත්ත්වයට පත්වේ.

 

     අමු ඉඟුරු, වියළි ඉඟුරු සහ බීජ ඉඟුරු ආදිය නිෂ්පාදනය කිරීම සඳහා ඉඟුරු අල මේරූ පසු අස්වැන්න නෙලිය යුතුය.

   බීජ අල සි‍ටුවා මාස 8-10 දක්වා කාලයක දී ඉඟුරු අල මෝරයි. මෙම අවස්ථාවේදී ඉඟුරු පත්‍ර කහ පැහැ වී මැරී ගොස් පත්‍ර කඩා   හැලේ. මේරූ ඉඟුරු ගලවන්නේ නම් වැඩි අස්වැන්නක් ලබා ගතහැකි අතර ,ඒවා කල් තබා ගත හැකි කාලය ද වැඩිය. පසෙහි   තරමක තෙතමනයක් පවතින අවස්ථාවක,ඉඟුරු ගැලවීම සඳහා උදලු මුල්ලුවක් භාවිතය වඩාත් යෝග්‍ය වේ.

 

 ඉඟුරු ගබඩා කිරීම:-

           අමු ඉඟුරු අල ඉක්මනින් නරක්වන සුළුය. අමු ඉඟුරු ගබඩාකළ හැකි කාලසීමාව අංකුර වර්ධනය, දිලීර ආසාදන,අල

හැකිලීම සහ මෘදුවීම යන හේතූන් නිසා අඩුවේ. අඩු උෂ්ණත්වවල දී (10 - 15°C ) ඉඟුරු ගබඩාකිරීම සඳහා නිර්දේශ කෙරේ.

පර්යේෂණ දත්ත අනුව අමු ඉඟුරු අල උෂ්ණත්වය 2 - 5°C   පරාසයකදී සාපේක්ෂ ආර්ද්‍රතාවය 90% ක් පමණ වන විට මාස4 ක්

පමණ කාලයක් ගබඩා කළහැකිබව සොයා ගෙන ඇත.එසේම 21-30 °C උෂ්ණත්ව පරාසයකදී සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය

60 % - 90 % ක් වන විට ගබඩා කිරීමේ කාලය දින 70 ක් පමණ වේ.

 

                2% ක වාතනයක් සපයමින් පොලිතීන් බෑග්වල ගබඩා කිරීම, එළිමහනේ ගබඩා කිරීම සහ පෙට්ටිවල ගබඩා කිරීම

යන ක්‍රම වලින් අල වියළීම පාලනය වීම හේතුවෙන් ඒවා වඩාත් සුදුසු ක්‍රම ලෙස පිළිගැනේ.

 

 

 

 

bottom of page